01

E   |   த   |  

 දිනය: 2010-08-05   පිළිතුර ලබා දී ඇත 

0329/2010: Recruitments in BOC

0329/’10

 

ගරු දයාසිරි ජයසේකර මහතා,—  මුදල්  හා  ක්‍රම  සම්පාදන  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ලංකා බැංකුව විසින් 2009 වර්ෂයේදී පවත්වන ලද බැංකු සහකාර තනතුර සඳහා බඳවා ගැනීමේ තරඟ විභාගයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් වෙත ඔවුන් ලබා ගත් ප්‍රතිඵලය මේ වන විට දන්වා තිබේද;

(ii) එම තනතුර සඳහා අවශ්‍ය අවම සුදුසුකම් කවරේද;

(iii) එකී තනතුරෙහි ඇති පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

(iv) එම තරඟ විභාගය සඳහා ඉදිරිපත් නොවූ පුද්ගලයින් එකී තනතුර සඳහා බඳවා ගෙන තිබේද;

(v) එම තනතුරට අදාළ බඳවා ගැනීම් සියල්ල මේ වන විට නිම කර තිබේද;

(vi) නොඑසේ නම්, මේ වන විට බඳවාගෙන ඇති සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?   

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-08-05

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල් හා ක්‍රමසම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks