පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පසුගිය මැයි මාසයේ ඇති වූ හදිසි ගංවතුර හේතුවෙන් හානියට පත්වූ වගාව සහිත කුඹුරු හෙක්ටයාර් ප්‍රමාණය කොපමණද;
(ii) මෙම හානියෙන් දළ වශයෙන් සිදුවී ඇති පාඩුව කොපමණද;
(iii) හානියට පත් කුඩා වැව් ඇතුළු වාරිමාර්ග සංඛ්‍යාව කොපමණද;
(iv) අලාභ හානි සිදුවූ වාරි ව්‍යාපෘති පිහිටි දිස්ත්‍රික්ක වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉදිරි කාලයේදී රටේ ආහාර සුරක්ෂිතතාවය සඳහා මෙම ගංවතුර හානිය බලපාන්නේද;
(ii) විපතට පත් ගොවි ජනතාව වෙනුවෙන් රජය සහන ලබා දීමට කටයුතු කරන්නේද;
(iii) එසේ නම්, ඒ කවර ආකාරයෙන්ද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-08-26
අසන ලද්දේ
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks