01

E   |     |  

 දිනය: 2016-11-17   පිළිතුර ලබා දී ඇත 

0699/2016: සුදු හඳුන් හා රත් හඳුන් වගාව : විස්තර

ගරු බුද්ධික පතිරණ මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2015 වර්ෂය තුළ ශ්‍රී ලංකාව ආනයනය කළ සුදු හඳුන් හා රත් හඳුන් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)       ශ්‍රී ලංකාව සුදු හඳුන් හා රත් හඳුන් ආනයනය කරන ප්‍රධාන රටවල් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකාව තුළ සුදු හඳුන් හා රත් හඳුන් වගා කරන්නේද;

(ii) එසේ නම්, එය ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයෙන් කොපමණ ප්‍රතිශතයක්ද;

(iii) සුදු හඳුන් හා රත් හඳුන් වගා නොකරන්නේ නම්, ඒ මන්ද;

(iv) ශ්‍රී ලංකාව තුළ සුදු හඳුන් හා රත් හඳුන් වගාව ව්‍යාප්ත කිරීමට රජය ගන්නා පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-11-17

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      සුදු හඳුන්       -    35,000 Kg

                        රත් හඳුන්      -    ආනයනය කර නැත

              (ii)      උගන්ඩාව

                        ඉන්දියාව

(ආ)         (i)      ඔව්.

              (ii)      හඳුන් ශාඛය ආයුර්වේද ඖෂධයක් ලෙස හා රූපලාවන්‍ය ක්ෂේත්‍රයෙහි ද භාවිතා වන නිසා නිශ්චිත වශයෙන් අවශ්‍යතා තක්සේරු කළ නොහැක.

(iii) පැන නොනඟී.

(iv)

  • වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සුදු හඳුන් පැළ බෝ කර ජනතාව අතර බෙදා හැරීම සිදු කරයි.
  • ආයුර්වේද ඔසු උයන්වල සුදු හඳුන් පැළ වගා කර බෙදා හරිනු ලබයි.
  • මීට අමතරව පෞද්ගලික අංශය මඟින් ද සුදු හඳුන් පැළ වගා කරනු ලබයි.
  • ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින පින්නදූව ඔසු උයනේ රත් හඳුන් පැළ වගා කර බෙදා හරිනු ලබයි.

(ඇ)   පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2017-01-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks