01

E   |     |  

 දිනය: 2016-11-17   පිළිතුර ලබා දී ඇත 

0698/2016: කොත්තමල්ලි ආනයනය: විස්තර

ගරු බුද්ධික පතිරණ මහතා,— ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      2015 වර්ෂය තුළ ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද කොත්තමල්ලි ප්‍රමාණය කොපමණද;

            (ii)      ශ්‍රී ලංකාවට කොත්තමල්ලි ආනයනය කරන ප්‍රධාන රටවල් කවරේද;     

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකාව තුළ කොත්තමල්ලි වගා කරන්නේද;

(ii) එසේ නම්, එය ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයෙන් කොපමණ ප්‍රතිශතයක්ද;

(iii) කොත්තමල්ලි වගා නොකරන්නේ නම්, ඒ මන්ද;

 

(iv) ශ්‍රී ලංකාව තුළ කොත්තමල්ලි වගාව ව්‍යාප්ත කිරීමට රජය ගන්නා පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-11-17

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ශ්‍රී ලංකා රේගු දත්ත අනුව, මෙට්‍රික් ටොන් 12,285යි.

              (ii)        ඔව්.

                        ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බල්ගේරියාව, තුර්කිය, යුක්රේනය, රුසියාව, කැනඩාව, ආර්ජන්ටිනාව, මොරොක්කෝව, ඕස්ට්‍රේලියාව, ඊජිප්තුව.

(ආ)         (i)      නැත.

              (ii)      අදාළ නොවේ.

             (iii)      ශ්‍රී ලංකාවේ කොත්තමල්ලි වගා නොකිරීමට හේතු වන්නේ කොත්තමල්ලි වැවීමට සුදුසු වියළි ශීත දේශගුණයක් ඇති ප්‍රදේශවල වඩාත් ලාභදායී එළවලු වගා කිරීමත්, සාපේක්ෂව අඩු මිලට කොත්තමල්ලි ආනයනය කිරීමත් යන කරුණුය.

(iv) ආදර්ශ වගාවක් ලෙස වියළි ශීත දේශගුණයක් ඇති ප්‍රදේශවල කොත්තමල්ලි වගා කර ඉන් ලැබෙන ප්‍රතිඵල අනුව එම වගාව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2017-01-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දයා ගමගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks