පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0326/’10
ගරු දයාසිරි ජයසේකර මහතා,— මහාමාර්ග අමාත්යතුමාගෙන් ඇසීමට,—
(අ) 2005 මහින්ද චින්තන ප්රතිපත්ති ක්රියාත්මක කිරීම යටතේ ස්ථාපිත කළ ‘මග නැගුම’ ආයතනය සංස්ථාවක් ද; සංස්ථාපිත මණ්ඩලයක් ද; දෙපාර්තමේන්තුවක්ද; යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) එහි නීත්යානුකූලභාවය කවරේද;
(ii) එහි සභාපතිවරයාගේ නම සහ ඔහුගේ සුදුසුකම් කවරේද;
(iii) එම ආයතනයෙහි සේවය කරන අනියම් සහ ස්ථිර සේවකයින්ගේ නම් සහ එක් එක් අයගේ තනතුරු කවරේද;
(iv) එම ආයතනය සතුව සහ කුලී පදනම මත ලබාගෙන ඇති වාහන සංඛ්යාව වෙන් වෙන් වශයෙන් කොපමණ;
(v) සභාපතිවරයාගේ සහ අනෙකුත් කාර්ය මණ්ඩලයේ වැටුප් සහ දීමනා වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-08-03
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්යාංශය
මහාමාර්ග
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks