පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු බුද්ධික පතිරණ මහතා,— රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල ආරක්ෂක සේප්පු සේවාව සඳහා අයකරනු ලබන ගාස්තු ඉහළ දමා ඇති බවත්;
(ii) එයින් පාරිභෝගිකයන් අපහසුතාවයට පත්වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ආරක්ෂක සේප්පු සඳහා අයකරන ගාස්තු ඉහළ දැමීමට හේතු කවරේද;
(ii) පාරිභෝගිකයන්ට අමතර වරප්‍රසාද ලබා දෙන්නේද;
(iii) එසේ නම්, එම වරප්‍රසාද කවරේද;
(iv) මෙම සේවාවේ ගාස්තු පහත දැමීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-11-11
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) හා (ii)ට අදාළ එම වාර්තාව ඇමුණුමක් ලෙස සභාගත** කරනවා.
(ආ) (i) අවසන් වරට ගාස්තු ඉහළ දැමීමට හේතු:-
* මහජන බැංකුව
ප්‍රාග්ධන උපකරණ, සේවක පිරිවැය සහ නඩත්තු පිරිවැය ඉහළ යෑම හේතුවෙන්, එම වැය දරා ගැනීමසඳහා ගාස්තු ඉහළ නැංවීම.
* ලංකා බැංකුව
පරිපාලන, නඩත්තු හා ආරක්ෂක වියදම් ඉහළ යෑම.
තරගකාරී බැංකුවල පවතින මිල ගණන් හා අනුකූල වීම.
ආරක්ෂක සේප්පු සීමිත ප්‍රමාණයක් ඇතිමුත් ඒ සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් පැවැතීම.
* ජාතික ඉතිරිකිරීමේ බැංකුව
ආරක්ෂක සේප්පු සේවාව පවත්වාගෙන යෑම සඳහා බැංකුව විසින් දරනු ලබන ශාඛා පරිශ්‍ර කුලී, රක්ෂණ ගාස්තු හා සේවක වැටුප් ආදිය සඳහා බැංකුව විසින් දැරිය යුතු පිරිවැය අධික වීම.
(ii) හා (iii) * මහජන බැංකුව
අමතර වරප්‍රසාද ලබා දී ඇත.
ගනු-දෙනු කළ හැකි කාල සීමාව දීර්ඝ කර තිබීම.
ගනු-දෙනුකරුවන් සඳහා පරිශ්‍රයන්හි සැපයෙන අනෙකුත් පහසුකම් වැඩිදියුණු කර තිබීම.
* ලංකා බැංකුව
අමතර වරප්‍රසාද මේ වන තෙක් හඳුන්වා දි නොමැත. එහෙත්, සේවාව කාර්යක්ෂම කිරීම සඳහා ආරක්ෂක සේප්පු සේවා නඩත්තු ක්‍රමය පරිගණකගත කිරීම දැනටමත් ආරම්භ කර ඇත.
* ජාතික ඉතිරිකිරීමේ බැංකුව - අමතර වරප්‍රසාද ලබා දී නැත.
(iv) * මහජන බැංකුව - ගාස්තු පහත දැමීමට දැනට තීරණය කර නොමැත.
* ලංකා බැංකුව - ආරක්ෂක සේප්පු සඳහා ඉතා ආරක්ෂාකාරී, කාර්යක්ෂම හා වැඩිදියුණු සේවාවක් සැපයීමේදී බැංකුවට දැරීමට සිදුවන ආරක්ෂක වියදම්, පරිපාලන වියදම් හා අනෙකුත් නඩත්තු වියදම් කාලානුරූපීව වැඩි වීම.
* ජාතික ඉතිරිකිරීමේ බැංකුව - ගාස්තු පහත දැමීමට අපේක්ෂා නොකෙරේ.
* කොමර්ෂල් බැංකුව - ගාස්තු පහත දැමීමට අපේක්ෂා නොකෙරේ.
* සම්පත් බැංකුව - ගාස්තු පහත දැමීමට අපේක්ෂා නොකෙරේ.
(ඇ) අදාළ නොවේ.
**සභාමේසය මත තබන ලද ඇමුණුම:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :
Annex tabled:
|
(අ) |
|
(i) |
(ii) |
|
|
|
|
බැංකුවේ නම |
ගාස්තු ඉහළ දමා ඇත/ නැත |
පාරිභෝගිකයන් අපහසුතාවට පත්වී ඇත/ නැත |
|
1 |
රාජ්‍ය බැංකු |
මහජන බැංකුව |
2013 වර්ෂයෙන් පසු ගාස්තු සංශෝධනය කර නොමැත. |
2013 වර්ෂයෙන් පසු ගාස්තු තවදුරටත් අඩු කර ඇති බැවින්, පාරිභෝගිකයන් අපහසුතාවට පත් වී නැත. |
|
2 |
|
ලංකා බැංකුව |
2013.11.11 දිනෙන් පසු 2015.08.18 දින ගාස්තු ඉහළ දමා ඇත. |
පාරිභෝගිකයන්ට අපහසුතාව අඩුවන පරිදි ගාස්තු ඉහළ දමා ඇත. |
|
(අ) |
|
(i) |
(ii) |
|
|
|
|
බැංකුවේ නම |
ගාස්තු ඉහළ දමා ඇත/ නැත |
පාරිභෝගිකයන් අපහසුතාවට පත්වී ඇත/ නැත |
|
3 |
|
ජාතික ඉතිරි කිරීමේ බැංකුව |
2014.05.19 දිනෙන් පසුව ගාස්තු ඉහළ දමා නැත. |
පාරිභෝගිකයන්ට ඇති වූ අපහසුතා පිළිබඳව පැමිණිල්ලක් හෝ අදහස් යෝජනා ඉදිරිපත් කිරීමක් මෙතෙක් වාර්තා වී නොමැත. |
|
4 |
|
ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව |
ආරක්ෂක සේප්පු සේවාව සපයනු නොලබයි. |
අදාළ නොවේ. |
|
5 |
|
නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව |
ගාස්තු ඉහළ දමා නැත. |
අදාළ නොවේ. |
|
6 |
|
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව |
ආරක්ෂක සේප්පු සේවාව සපයනු නොලබයි. |
අදාළ නොවේ. |
|
7 |
|
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව |
ආරක්ෂක සේප්පු සේවාව සපයනු නොලබයි. |
අදාළ නොවේ. |
|
8 |
|
ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව |
ආරක්ෂක සේප්පු සේවාව සපයනු නොලබයි. |
අදාළ නොවේ. |
|
9 |
පෞද්ගලික බැංකු |
කොමර්ෂල් බැංකුව |
ගාස්තු ඉහළ දමා නැත. |
අදාළ නොවේ. |
|
10 |
|
සෙලාන් බැංකුව |
ගාස්තු ඉහළ දමා නැත. |
අදාළ නොවේ. |
|
11 |
|
හැටන් නැෂනල් බැංකුව |
ගාස්තු ඉහළ දමා නැත. |
අදාළ නොවේ. |
|
12 |
|
NDB |
2014 මැයි මාසයෙන් පසු ගාස්තු ඉහළ දමා නැත. |
පාරිභෝගිකයන්ට ඇති වූ අපහසුතා පිළිබඳව පැමිණිල්ලක් හෝ අදහස් යෝජනා ඉදිරිපත් කිරීමක් මෙතෙක් වාර්තා වී නොමැත. |
|
13 |
|
DFCC බැංකුව |
2013 වර්ෂයෙන් පසු ගාස්තු ඉහළ දමා නැත. |
|
|
14 |
|
සම්පත් බැංකුව |
2013 වර්ෂයෙන් පසු ගාස්තු ඉහළ දමා නැත |
|
පිළිතුරු දුන් දිනය
2017-01-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කබීර් හෂීම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks