පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
679/’16
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, රක්වාන - මාදම්පේ මාර්ගය පුළුල්කර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ වැඩ මේ වනවිට අවසන් කර තිබේද;
(ii) එසේ නොමැති නම්, වැඩ ආරම්භ කර මේ වනවිට ගත වී ඇති කාලය කොපමණද;
(iii) එහිදී ඉඩම් පමණක් අහිමි සහ නිවාස අහිමි පුද්ගලයන්ගේ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එම මාර්ගය සංවර්ධනයේදී ඉඩම් හා නිවාස අහිමිවූවන් වෙනුවෙන් වන්දි ලබාදීමට වෙන්කර ඇති මුදල කොපමණද;
(ii) ඔවුන් වෙනුවෙන් ලබාදීමට නියමිත වන්දි මුදල් මේ වනවිටත් ලබාදී නොමැති බව දන්නේද;
(iii) එසේ නම්, එම වන්දි මුදල් කඩිනමින් ලබාදීමට කටයුතු කරන්නේද;
(iv) ඒ සඳහා ගතවන කාලය කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-07-22
අසන ලද්දේ
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග හා මාර්ග සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks