පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රාජ්‍ය ආරක්ෂක සේවයට අයත් යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකායන්හි ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී, වෛද්‍ය හේතූන් මත ආබාධිත රණවිරුවන් ලෙස විශ්‍රාම ගැන්වූ වයස අවුරුදු 55ට වැඩි රණවිරු සාමාජික සාමාජිකාවන් සංඛ්‍යාව කොපමණද;
(ii) එකී නිලධාරින් සඳහා ගෙවනු ලබන දීමනා සහ එක් එක් දීමනාවේ වටිනාකම වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත අ(i) හි සඳහන් නිලධාරින් සඳහා ආබාධිත රණවිරුවන් සඳහා ගෙවනු ලබන දුබලතා විශ්‍රාම වැටුප ගෙවන්නේද;
(ii) වයස අවුරුදු 55 සම්පූර්ණවීමෙන් පසු දුබලතා විශ්‍රාම වැටුප නවතා සාමාන්‍ය රජයේ සේවකයෙකු ලෙස සලකා ලබාදෙන දීමනාව කොපමණද;
(iii) පූර්ණ ආබාධිත තත්ත්වයේ පසුවන අයෙකු සඳහා ඉහත (ii) හි එලෙස ලබාදෙන දීමනාව සාධාරණද;
(iv) වයස අවුරුදු 55 සම්පූර්ණවීමට ප්‍රථම ආබාධිත රණවිරුවකු මියගියහොත්, ඔහුගේ යැපෙන්නන් සඳහා දීමනාවක් ලබා දෙන්නේද;
(v) එසේ නම්, එම ක්‍රමවේදය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-08-23
අසන ලද්දේ
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks