01

E   |   த   |  

 දිනය: 2016-08-25   පිළිතුර ලබා දී ඇත 

0671/2016: Suicides Sri Lanka

ගරු බිමල් රත්නායක මහතා,— නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)     2013, 2014 සහ 2015 වර්ෂයන්හිදී ශ්‍රී ලංකාවේ සිය දිවි නසා ගැනීම් සංඛ්‍යාව සහ සිය දිවි නසා ගැනීමට තැත් කිරීම් සංඛ්‍යාව, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)     2013, 2014 සහ 2015 වර්ෂයන්හිදී ශ්‍රී ලංකාවේ සිය දිවි නසා ගැනීම් සංඛ්‍යාව සහ සිය දිවි නසා ගැනීමට තැත් කිරීම් සංඛ්‍යාව;

(i) ස්ත්‍රී, පුරුෂභාවය අනුව;

(ii) වයස් කාණ්ඩ අනුව;

(iii) එක් එක් දිස්ත්‍රික්කය අනුව;

වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) 2013, 2014 සහ 2015 වර්ෂයන්හිදී සිය දිවි නසා ගැනීම් හා සිය දිවි නසා ගැනීමට තැත් කිරීම් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25 කවරේද;

  (ii) සිය දිවි නසා ගැනීම් හා සිය දිවි නසා ගැනීමට තැත් කිරීම් පිළිබඳ නිවැරැදි දත්ත හා තොරතුරු වාර්තා කරන රාජ්‍ය ආයතනය කවරේද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-08-25

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks