01

E   |   த   |  

 දිනය: 2016-08-12   පිළිතුර ලබා දී ඇත 

0664/2016: Agreement to modernize KKS harbor

ගරු බිමල් රත්නායක මහතා,— වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      කන්කසන්තුරේ වරාය නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය, ඉන්දීය රජය හෝ ඉන්දියානු සමාගමක් සමඟ ගිවිසුමක් හෝ එකඟතාවයක් ඇති කරගෙන තිබේද;

             (ii)      එසේ නම්, එම ගිවිසුම හෝ එකඟතාවය මෙම සභාවට ඉදිරිපත් කරන්නේද;

(iii) එම ගිවිසුම හෝ එකඟතාවය සඳහා කැබිනට් මණ්ඩලයේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමතිය සහ නිරීක්ෂණ සහිත ලියවිලි ඉදිරිපත්  කරන්නේද;

(iv) මෙම කොන්ත්‍රාත්තුව අදාළ සමාගමට ලබා දී ඇත්තේ, විවෘත ටෙන්ඩර් පටිපාටි අනුගමනය කිරීමෙන්ද;

(v) කොන්ත්‍රාත්තුවට අනුව වරාය නවීකරණය කිරීම සඳහා දැරීමට සිදුවන මුදල කොපමණද;

(vi) නවීකරණ කටයුතු අවසන් කිරීමට ගත වන කාලය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-08-12

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා නාවික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks