01

E   |     |  

 දිනය: 2016-07-08   පිළිතුර ලබා දී ඇත 

0649/2016: Second Stage of Ruhunupura Water Supply Project

649/’16

 

ගරු නාමල් රාජපක්ෂ මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       හම්බන්තොට ඉදිකිරීමට සැලසුම් කරන ලද රුහුණුපුර ජල යෝජනා ක්‍රමයේ II අදියර ආරම්භකර ති‍බේද;

            (ii)       ඒ සඳහා වැය කිරීමට ඇස්තමේන්තු කළ මුදල කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) II වන අදියර යටතේ ආවරණය වන ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව කොපමණද;

(ii) මේ වනවිට නළ ජල සම්බන්ධතාව ලබාදී ඇති ග්‍රාම නිලධාරී වසම් කවරේද;

(iii) නළ ජල සම්බන්ධතාවය ලබා දී නොමැති ග්‍රාම නිලධාරී වසම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 

(ඇ) (i) දැනට නළ ජල සම්බන්ධතාවය ලබාදී නොමැති ග්‍රාම නිලධාරී වසම් සඳහා නළ ජල සම්බන්ධතාවය ලබාදීමට කටයුතු කරන්නේද;

(ii) ඒ සඳහා ගත වන කාලය කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-07-08

අසන ලද්දේ

ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම් හා ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks