01

E   |     |  

 දිනය: 2016-07-08   පිළිතුර ලබා දී ඇත 

0638/2016: Northern Water Supply Project for Anuradhapura

638/’16

 

ගරු ශෙහාන් සේමසිංහ මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)     අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කළ උතුරු ජල සම්පාදන ව්‍යාපෘතිය දැනට ක්‍රියාත්මක වන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)     එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ නම්,

             (i)       එහි ප්‍රතිලාභ අපේක්ෂිත කාලසීමාව තුළ ජනතාවට ලබා දෙන්නේද;

(ii) එයින් ආවරණය වන ප්‍රාදේශීය ලේකම් ‍කොට්ඨාස වෙන් වෙන් වශයෙන් කවරේද;‍

(iii) එකී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ට අයත් ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) එකී ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව කොපමණද;

(v) එහි වැඩ කටයුතු කඩිනම් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-07-08

අසන ලද්දේ

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම් හා ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks