04

E   |     |  

 දිනය: 2016-06-24   පිළිතුර ලබා දී ඇත 

0631/2016: Completing major unfinished roads Kegalle

631/’16

 

ගරු තාරක බාලසූරිය මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2013 වර්ෂයේ පළාත් මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ කෑගල්ල මැතිවරණ කොට්ඨාසයේ, මාර්ග 12ක් සංවර්ධනය කිරීමට යෝජිතව තිබූ බවත්;

(ii) යෝජිත මාර්ග අතර වූ කෑගල්ල, නිල්වක්ක හරහා අන්දිරමඩ මාර්ගය (කි.මී. 6.9), උඳුගොඩ, කිරිපට්ටිය හන්දියෙන් හැරී ඕවිටිගමුව හරහා නිකපිටිය දක්වා ඇති මාර්ගය (කි.මී. 4.2), අඹවල, උඩුමාගම, පන්දෙනිය මාර්ගය (කි.මී. 2) යන මාර්ගවල වැඩ ආරම්භ කර ඇතත් වැඩ අවසන් කර නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත මාර්ගවල වැඩ අවසන් කිරීමට කඩිනම් පියවර ගන්නේද;

(ii) නොඑසේ නම්, එයට හේතුව කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-06-24

අසන ලද්දේ

ගරු තාරක බාලසූරිය මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks