04

E   |     |  

 දිනය: 2016-07-08   පිළිතුර ලබා දී ඇත 

0615/2016: Kalawewa Batuwatta canal

615/’16

 

ගරු ඉෂාක් රහුමාන් මහතා,— වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       කලාවැවේ ජලය නිකුත් කරන පැරණි යෝද ඇළෙහි, බටුවත්ත හන්දියේ සිට තිසා වැවට ජලය නිකුත් කරන ඇළ බැම්ම 1977 වර්ෂයේ සිට ප්‍රතිසංස්කරණය කර නොමැති බවත්;

(ii) කි. මී. 12.5 ක් පමණ දිග මෙම ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය නොකිරීමෙන් මෙම මාර්ගය භාවිතා කරන ගොවීන් විශාල පිරිසකට තම අස්වැන්න හා කෘෂි උපකරණ රැගෙන යාමට හා ඒමට අසීරු වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) මෙම ඇළ බැම්ම ප්‍රතිසංස්කරණය නොකරන්නේ මන්ද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-07-08

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks