පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු ලකී ජයවර්ධන මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශි‍්‍ර ලංකාව තුළ පවතින මුළු සතොස වෙළඳ ආයතන සංඛ්‍යාව කොපමණද;
(ii) එම ආයතන අතරින් රජයේ ගොඩනැගිලිවල පවත්වාගෙන යනු ලබන සතොස වෙළඳ ආයතන සංඛ්‍යාව සහ කුලී පදනම මත පවත්වාගෙන යනු ලබන සතොස වෙළඳ ආයතන සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) කුලී පදනම මත ලබාගත් ගොඩනැගිලි සඳහා කුලී ගෙවීමට සතොස මඟින් වාර්ෂිකව කොපමණ මුදලක් වැය කරන්නේද;
(ii) කුලියට ලබාගත් ගොඩනැගිලි පිහිටා තිබෙන ස්ථාන කවරේද; එම ස්ථානවල හිමිකරුවන් කවුරුන්ද සහ ඔවුන්ට මාසිකව ගෙවන කුලී මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම ස්ථානවල දැනට පවත්වාගෙන යන සහ වසා දමා ඇති සතොස ආයතන සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) සතොස වෙළඳ ආයතන පිහිටුවීමට කුලී පදනම මත ගොඩනැගිලි ලබා ගැනීමේදි විධිමත් ක‍්‍රමවේදයක් අනුගමනය කරන්නේද;
(ii) එසේ නම්, එම ක්‍රමවේදය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-06-22
අසන ලද්දේ
ගරු ලකී ජයවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත හා වාණිජ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks