බලන්න

02

E   |     |  

 දිනය: 2016-06-23   පිළිතුර ලබා දී ඇත 

0573/2016: Compensation for Mr. M.Mimsiad

573/’16

 

ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       කොළඹ - නුවර මාර්ගයේ, වීදියවත්ත සිට නිට්ටඹුව දක්වා වූ කොටස පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා කල්එළිය, මස්ජිද් මාවත, අංක 5/1 දරන ස්ථානයේ පදිංචි එම්. ආර්. එම්. මිම්සියාඩ් මහතාට අයත් ගම් 392 කැබලි අංක 164 කොටස රජයට පවරා ගන්නා ලද බවත්;

(ii) එම ඉඩම සඳහා මෙතෙක් වන්දි ප්‍රදානය කර නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි, වාණිජමය ප්‍රදේශය හා සම්බන්ධ එම ඉඩම් කැබැල්ල අඩු වටිනාකමට තක්සේරු කිරීමෙන් අසාධාරණයට ලක් වී සිටින මිම්සියාඩ් මහතාට, වර්තමාන තක්සේරු වටිනාකම සැලකිල්ලට ගෙන වන්දි මුදල් ප්‍රදානය කිරීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-06-23

අසන ලද්දේ

ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks