බලන්න

02

E   |     |  

 දිනය: 2016-06-22   පිළිතුර ලබා දී ඇත 

0571/2016: Low Income families affected by wild elephant attacks

571/’16

 

ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා,— තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      මඩකලපුව දිස්ත්‍රික්කයේ, කොක්කට්ටිචෝලේ, වෙල්ලාවේලි, කිරාන්, චෙන්කලඩි, වාකරේ, වව්නතිව් යන ප්‍රාදේශීය ලේකම් ‍කොට්ඨාසවල යුදමය වාතාවරණය අවසන්වීමත් සමඟ නැවත පදිංචි වූ ජනතාව විසින් ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ඉදිකරගත් පැල්පත් නිවාස ගණනාවක් වන අලි ප්‍රහාර නිසා විනාශ වී ඇති බව එතුමා දන්නෙහිද?

(ආ) (i) වන අලින් විසින් විනාශ කර ඇති නිවාස සංඛ්‍යාව කොපමණද; 

(ii) වන අලි ප්‍රහාර නිසා මියගිය සහ ශාරීරික තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) වන අලි කඩා වැදීම නිසා කුඹුරු ඇතුළු හේන් ගොවිතැන් විනාශ වී‍මෙන් රැකියා අහිමිවූ පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) නිවාස අහිමිවූවන්ට නිවාස ඉදිකර ගැනීම සඳහාත්, මියගිය,
ශාරීරිකව තුවාල ලැබූ සහ රැකියා අහිමිවූ පුද්ගලයින්ට වන්දි ලබාදීම සඳහාත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේද;

(ii) එසේ නම්, මියගිය සහ විපතට පත්වූ පුද්ගලයින් අතරින් වන්දි ලබාදී ඇති පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද;

(iii) එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, අනුව ප්‍රදානය කර ඇති වන්දි මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-06-22

අසන ලද්දේ

ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා, පා.ම.

අමාත්‍යාංශය

තිරසර සංවර්ධන හා වනජීවි

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks