01

E   |     |  

 දිනය: 2016-06-09   පිළිතුර ලබා දී ඇත 

0566/2016: Mr. Siraj Kader's Land taken over by the Government

566/’16

 

ගරු විදුර වික්‍රමනායක මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)       මාතර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් 2014 සහ 2015 වර්ෂවලදී විජයග්‍රහණ සැමරුම් උත්සවය සඳහා මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි, කොටුවේගොඩ ග්‍රාම නිලධාරී වසමේ, මාතර, වෙරළ පාර, අංක 47 දරන ඉඩම, බත්තරමුල්ල, පැලවත්ත, සපුමල් පෙදෙසේ, අංක 793හි පදිංචි සිරාජ් කාදර් මහතාගෙන් තාවකාලිකව ලබාගෙන ආපසු භාර දී ඇති බවත්;

  (ii)  2014 පැවති සැමරුම් උත්සවයෙන් පසුව කාදර් මහතා වෙත ආපසු භාරදුන් එම ඉඩම, ඉඩම් අත්පත්කර ගැනීමේ පනතේ 2 වගන්තිය යටතේ අත්පත්කර ගැනීම සඳහා 2014.12.04 දින මාතර ප්‍රාදේශීය ලේකම් විසින් නිවේදනයක් නිකුත්කර ඇති බවත්;

  (iii)  ඉහත අ(i)හි සඳහන් ඉඩම අත්පත්කර ගැනීමේ නිවේදනය අවලංගු කරන මෙන් කාදර් මහතා විසින් 2014.12.19 දිනැති ලිපිය මඟින් ඉල්ලීමක් කර ඇති බවත්;

  (iv)  මේ දක්වා අදාළ නිවේදනය අවලංගු නොකිරීම හේතුවෙන් එම ඉඩම ඵලදායී ආකාරයට   සංවර්ධනය කිරීමට හැකියාවක් හිමිකරුට ලැබී නොමැති බවත්;

  එතුමා දන්නෙහිද?

(ආ)  ඉහත සඳහන් ඉඩම අත්පත්කර ගැනීමේ නිවේදනය අවලංගු කිරීම සඳහා කඩිනම් පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-06-09

අසන ලද්දේ

ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks