පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
565/’16
ගරු විදුර වික්‍රමනායක මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හොරණ, රාජකීය විදුහලෙන් පළමු වරට අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනී සිට, ගණිතය විෂය අසමත්ව 2016 අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටින සිසුන් 30කට ආසන්න සංඛ්‍යාවක් චක්‍රලේඛ උපදෙස්වලට පටහැනිව විදුහල්පතිතුමා විසින් විදුහලෙන් අස්කර ඇති බවත්;
(ii) ඇතැම් සිසුන් වෙත නිකුත් කරන ලද චරිත සහතික අවලංගු කිරීම වැනි දරුවන් මානසිකව පහතට ඇද දැමීමේ කටයුතු සිදු කිරීමෙන් එම සිසුන් සහ දෙමාපියන් මහත් අපහසුතාවයට ලක් වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) අ.පො.ස. (උ.පෙළ) විභාගය පැවැත්වීමට තිබෙන ඉදිරි මාස කිහිපය විභාගයට වඩාත් සාර්ථකව මුහුණ දීමට සිසුන් සූදානම් කරන කාලය වන බැවින් එම සිසුන්ට විදුහලේ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අහිමිකිරීම නිදහස් අධ්‍යාපන පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි කිරීමක් වන බව එතුමා පිළිගන්නෙහිද?
(ඇ) (i) ශ්‍රී ලංකාවේ අනාගතය භාර ගැනීමට සිටින සිසුන් මානසිකව පහතට ඇද දැමීම විදුහල්පතිවරයකුගේ යුතුකම වේද;
(ii) විදුහල්පතිවරයාගේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් පැන නැගී ඇති ගැටලුව විසඳීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-06-22
අසන ලද්දේ
ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks