02

E   |     |  

 දිනය: 2016-06-09   පිළිතුර ලබා දී ඇත 

0555/2016: Compensation for Mssrs. Hanifa and Salahudeen

555/’16

 

ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)       කුරුණෑගල, මහ වීදිය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ගල්හින්න, නුවර පාර, අංක 262/2 දරන ස්ථානයේ පදිංචි ඒ. එච්. එම්. හනීෆා සහ යූ. එම්. ඒ. එල්. සලාහුදීන් යන මහත්වරුන්ට අයත්, මු.පි.ක. 2285 හි කැබලි අංක 101 දරන පෞද්ගලික ඉඩම, අංක 1306/37 හා 2003.09.19 දිනැති රජයේ ගැසට් නිවේදනය මඟින් අත්පත් කර ගන්නා ලද බවත්;

  (ii)  වසර 10කට පෙර පවරාගනු ලැබූ එම ඉඩම සහ කඩා ඉවත්කරන ලද ව්‍යාපාරික ගොඩනැගිල්ල වෙනුවෙන් වන්දි මුදල් මේ දක්වා ප්‍රදානයකර නොමැති බවත්;

  එතුමා දන්නෙහිද?

(ආ)  එම ඉඩම සහ කඩා ඉවත් කරන ලද ව්‍යාපාරික ගොඩනැගිල්ල වෙනුවෙන් අදාළ වන්දි මුදල නොපමාව ලබාදීමට එතුමා පියවර ගන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-06-09

අසන ලද්දේ

ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks