පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
553/’16
ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) මඩකලපුව දිස්ත්‍රික්කයේ, කළුදාවල ගම්මානයේ ජීවත්වන පවුල් 1500 කට ආසන්න පිරිසක් ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය ලෙස බුලත් වගා කිරීමේ කටයුතුවල නියැලෙන බව එතුමා දන්නෙහිද?
(ආ) (i) බුලත් වගාව සාර්ථක ලෙස සිදු කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන, “බුලත් කොවුල්” පොතුවිල්, රොට්ටකුලම් ප්‍රදේශයේ සිට කපා ප්‍රවාහනය කිරීමට තහනමක් පනවා තිබේද;
(ii) එසේ නම්, අංක: බුලත් කොවුල් 2011 හා 2014.05.13 දිනැති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛය අනුව, ඔවුන්ට ඒ සඳහා අවසර ලබාදීමට පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-06-08
අසන ලද්දේ
ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks