පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු බුද්ධික පතිරණ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2015 වනවිට ශ්‍රී ලංකාවේ සෝයා බෝංචි වගා කරනු ලැබූ භූමි ප‍්‍රමාණය කොපමණද;
(ii) 2010 සිට 2015 දක්වා කාලය තුළ සෝයා බෝංචි නිෂ්පාදනය, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කිලෝග‍්‍රෑම් කොපමණද;
(iii) රජය විසින් ගොවීන්ගෙන් සෘජුවම සෝයා බෝංචි මිලදී ගන්නේද;
(iv) එසේ නම්, පසුගිය වසර පහ තුළ රජය විසින් මිලදී ගත් සෝයා බෝංචි ප‍්‍රමාණය, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) සෝයා බෝංචි නිෂ්පාදනය ඉහළ නැංවීමට රජය පියවර ගන්නේද;
(ii) එසේ නම්, එම පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-11-19
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) හෙක්ටෙයාර 6,383කි. (හෙක්ටෙයාර හයදහස් තුන්සිය අසූතුනකි.)
(ii) 2010දී කිලෝග්‍රෑම් 7,521,000කි. (කිලෝග්‍රෑම් මිලියන 7.52)
2011දී කිලෝග්‍රෑම් 3,847,000කි. (කිලෝග්‍රෑම් මිලියන 3.84)
2012දී කිලෝග්‍රෑම් 1,671,000කි. (කිලෝග්‍රෑම් මිලියන 1.67)
2013දී කිලෝග්‍රෑම් 13,316,000කි. (කිලෝග්‍රෑම් මිලියන 13.32)
2014දී කිලෝග්‍රෑම් 6,804,000කි. (කිලෝග්‍රෑම් මිලියන 6.80)
2015දී කිලෝග්‍රෑම් 11,254,000කි. (කිලෝග්‍රෑම් මිලියන 11.25)
(iii) නැත. නමුත් මේ වර්ෂයේ 2016 යල කන්නයේ බීජ සඳහා කිලෝග්‍රෑම් 200,000ක් මිලදී ගෙන ඇත.
(iv) අදාළ නොවේ.
(ආ) (i) ඔව්.
(ii) - 2016/17 මහ කන්නයේදී 2017 යල කන්නයට අවශ්‍ය බීජ කිලෝග්‍රෑම් 700,000ක් නිෂ්පාදනය සඳහා කටයුතු කිරීම.
මේ යටතේ,
- 2016 යල කන්නයේ සෝයා බීජ කිලෝග්‍රෑම් 200,000ක් මිල දී ගෙන ඇත.
- 2016/17 මහ කන්නයේ බීජ නිෂ්පාදනය සඳහා හෙක්ටෙයාර 285ක කොන්ත්‍රාත් බීජ ගොවි පොළවල්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවීමට සැලසුම් කර ඇත.
- ස්වයං බීජ නිෂ්පාදනය සඳහා ගොවීන් 3,000කට කිලෝග්‍රෑම් 5ක බීජ පැකට් 2016/17 මහ කන්නයේ වගා කිරීම සඳහා ලබා දෙනු ඇත.
- මීට අමතරව ඉදිරි වෙළෙඳ ගිවිසුම් යටතේ සෝයා වගාවට ගොවීන් යොමු කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කරයි.
ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන යටතේ 2016-2018 දක්වා සෝයා නිෂ්පාදනය සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් ඉලක්ක ලබා දී ඇති අතර, එම ඉලක්ක ළඟා කර ගැනීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා කෘෂිකර්මදෙපාර්තමේන්තුව එක්ව කටයුතු කරයි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-02-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks