01

E   |   த   |  

 දිනය: 2010-07-20   පිළිතුර ලබා දී ඇත 

0306/2010: Sudden floods

0306/’10

 

ගරු දයාසිරි ජයසේකර මහතා,—  ආපදා   කළමනාකරණ   අමාත්‍යතුමාගෙන්   ඇසීමට,—

(අ)         (i)      පසුගිය දිනවල ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයෙන් අවතැන්වූවන් සංඛ්‍යාව කොපමණද;

             (ii)      එය බල පෑ එක් එක් දිස්ත්‍රික්කය අනුව අවතැන් වු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

            (iii)      එක් එක් දිස්ත්‍රික්කයේ හානියට පත් වූ නිවාස සංඛ්‍යාව කොපමණද;

(iv) එම අවතැන්වූවන් සඳහා වෙන් කළ මුදල් ප්‍රමාණය කොපමණද;

(v) ඔවුන්ගේ නිවාස සෑදීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය හා වෙන් කළ මුදල් ප්‍රමාණය කොපමණද;

(vi) අවතැන්වූවන් සඳහා දැනට ලබාදී තිබෙන නිවාස සංඛ්‍යාව කොපමණද;

(vii) ‍එම නිවාස සංඛ්‍යාව වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?   

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-07-20

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආපදා කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks