01

E   |     |  

 දිනය: 2016-06-08   පිළිතුර ලබා දී ඇත 

0500/2016: Resettlement of Muslim Families Kanniya

500/’16

 

ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)       ඈත අතීතයේ සිට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ, කින්නියා ගම්මානයේ මුස්ලිම් ජනතාව ජීවත් වූ බවත්;

             (ii)       එම ප්‍රදේශයේ පැවති ත්‍රස්තවාදී ගැටුම් හේතුවෙන් අවතැන් වූ මුස්ලිම් ජනතාව මෙතෙක් එම ගම්මානයේ නැවත පදිංචි කර නොමැති බවත්;

  එතුමා දන්නෙහිද?

(ආ)  (i)  ත්‍රස්තවාදී ගැටුම් හේතුවෙන් කින්නියා ගම්මානයේ අවතැන් වූ මුස්ලිම් පවුල් සංඛ්‍යාව සහ එම පවුල්වල සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද;

  (ii)  මෙම ජනතාව එහි නැවත පදිංචි කිරීමට හැකි ඉක්මනින් කටයුතු කරන්නේද;

  යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-06-08

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නැවත පදිංචි කිරීම,පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks