04

E   |     |  

 දිනය: 2010-07-08   පිළිතුර ලබා දී ඇත 

0304/2010: Election Commissioner

0304/'10

ගරු දයාසිරි ජයසේකර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      වත්මන් මැතිවරණ කොමසාරිස්වරයා විශ්‍රාම යන දිනය කවරේද;

            (ii)      ඔහුගේ වර්තමාන වැටුප කොපමණද;   

           (iii)      විශ්‍රාම යා යුතු වයස පසු කොට ඇති ඔහු තවදුරටත් සේවයෙහි යොදවා ගැනීමෙන් සිදුවී ඇති ඔහුගේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ගන්නා පියවර කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) දහහත්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ මැතිවරණ කොමිසම ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගන්නේද;

(ii) එසේ නම්, ඒ කවදා සිටද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-07-08

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks