04

E   |     |  

 දිනය: 2010-07-06   පිළිතුර ලබා දී ඇත 

0302/2010: Sigiriya

0302/'10

 

ගරු දයාසිරි ජයසේකර මහතා,— ජාතික උරුමයන් හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)          (i)     සීගිරිය ලෝක උරුමයේ බඹර ජනපද පලවා හැරීමේ දී රසායනික ද්‍රව්‍යයක් භාවිතා කළේද;

             (ii)      බඹරුන් පලවා හැරීම හේතුවෙන් වෙනත් කෘමි විශේෂ එම භූමිය ආක්‍රමණය කර තිබේද;

(iii) එසේ නම්, ඒ සඳහා ගන්නා පියවර කවරේද;

(iv) සීගිරිය පුරාවිද්‍යා භූමිය ජපන් සමාගමකට විකුණා හෝ බදු දී හෝ ඒ හා සමාන කටයුත්තක් කර තිබේ ද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) සීගිරි ගල පාමුල වැසිකිළි පද්ධතියක් ඉදිකරන බව එතුමිය දන්නෙහිද?

(ඇ) සීගිරි ගලට හානි වන අන්දමින් සිදු කරන සියලුම ඉදිකිරීම් නතර කිරීමට එතුමිය  පියවර ගන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-07-06

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජාතික උරුමයන් හා සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks