පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
446/’16
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ, මහනුවර දිස්ත්‍රික්කයේ, නාවලපිටිය අඩවියේ, සමනලගම ප්‍රදේශයේ පයිනස් ගස් 7000ක් කපා ඉවත් කරමින් සිටින බවත්;
(ii) නාවලපිටිය, මාපාකන්ද අක්කර 200කට සහ දොලොස්බාගේ, මල්ගොල්ල අක්කර 50කට අයත් පයිනස් ගස් පුද්ගලික වෙළෙඳුන් මඟින් කපා ඉවත් කිරීම සඳහා කටයුතු සූදානම් කර ඇති බවත්;
(iii) දොලොස්බාගේ, පරගල කොටසේ ගස් 2500ක් පමණක් ඉවත් කිරීමට අවසර ලබාගෙන ඇතත්, මේ වනවිට අනවසරයෙන් ගස් 12,000ක් පමණ කපා ඉවත් කොට ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් සියළුම ගස් ඉවත් කිරීම සඳහා අවසර ලබාදීමේදී අනුගමනය කරන ලද ක්‍රමවේදයන් සහ ඒවාට සම්බන්ධ නිලධාරීන්ගේ නම් කවරේද;
(ii) එමඟින් රජයට අයවිය යුතු විශාල මුදලක් අහිමි වී ඇති බව පිළිගන්නේද;
(iii) එම වංචා සහගත ක්‍රියාවලට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව ගනු ලබන නීතිමය පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-05-18
අසන ලද්දේ
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks