බලන්න

04

E   |     |  

 දිනය: 2016-03-11   පිළිතුර ලබා දී ඇත 

0405/2016: Person/s who threatened Mr. Mahindaratna Aluthgamage & his mother

405/’16

 

ගරු මහින්දානන්ද අලුත්ගම‍ගේ මහතා,— නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ගඟ ඉහළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මහින්දරත්න අලුත්ගමගේ මහතාගේ නිවසට 2015.12.13 වැනි දින ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් හා සිවිල් ඇඳුමින් සැරසුන පොලිස් නිලධාරින් දෙදෙනෙකු හිටපු සභාපතිවරයාට හා ඔහුගේ මවට ගිනිඅවි පෙන්වා මරණ තර්ජනය කළ බවට හිටපු සභාපතිවරයා විසින් නව කුරුඳුවත්ත පොලිසියේ පැමිණිල්ලක් කර ඇති බවත්;

(ii) තවත් මෙවැනිම පැමිණිල්ලක් 2015.04.14 වැනි දින හිටපු සභාපතිවරයා විසින් නව කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ කර ඇති බවත්;

(iii) මෙම පැමිණිලි සම්බන්ධයෙන් මෙතෙක් නව කුරුඳුවත්ත පොලිසිය විසින් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) 2015.12.13 වැනි දින හිටපු සභාපතිවරයාට හා ඔහුගේ මවට ගිනිඅවි පෙන්වා මරණ තර්ජනය කළ පුද්ගලයා හා ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරින්ගේ නම් කවරේද;

(ii) මෙසේ හිටපු සභාපතිවරයාගේ නිවසට දෙවරක් ඇතුල් වී මරණ තර්ජනය කළ පුද්ගලයා සහ පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවරක් ගැනීම සඳහා කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-03-11

අසන ලද්දේ

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks