පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
404/’16
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන “ළඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ පාසල් තෝරා ගැනීමට යොදා ගත් නිර්ණායකයන් කවරේද;
(ii) එම ව්‍යාපෘතිය යටතේ නාවලපිටිය මැතිවරණ කොට්ඨාසයේ, ගඟ ඉහළ කෝරළේ හා පස්බාගේ කෝරළේ අධ්‍යාපන කොට්ඨාසවලින් තෝරාගත් පාසල් මොනවාද;
(iii) ගම්පොල අධ්‍යාපන කලාපය හා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිර්ණායක අනුව තෝරාගත් පාසල් අධ්‍යාපන අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් වෙනස් කළ බව පිළිගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) අධ්‍යාපන අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් අලුතින් නම් කරන ලද පාසල් දෙක තෝරා ගත්තේ අ (i) ට අනුව සඳහන් කළ නිර්ණායකවලට අනුකූලවද;
(ii) නොඑසේ නම්, එයට හේතු කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-03-10
අසන ලද්දේ
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks