පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
371/’15
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දැනට දිවයිනේ ඒ ඒ පළාත් සභා බලප්‍රදේශ තුළ ඇති මුළු ලියාපදිංචි පෙර පාසල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම පෙරපාසල් අතරින් ළමුන් 50ට වැඩි පෙරපාසල් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2015 පෙබරවාරි මස අතුරු අයවැයෙන් පෙරපාසල් ගුරුවරුන් සඳහා ලබාදීමට නියමිත රු.250/=ක දීමනාව ගෙවීම සඳහා වෙන්කර ඇති මුළු මුදල කොපමණද;
(ii) අදාළ දීමනාව ලැබීමට සුදුසුකම් ලබා ඇති පෙරපාසල් ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද;
(iii) මේ වනවිට එම මාසික දීමනාව ගුරුවරුන් වෙත ලබාදී තිබේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-03-10
අසන ලද්දේ
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks