පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
370/’15
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015 වසරේ මහ කන්නය තුළ වී වගාකර ඇති මුළු හෙක්ටයාර් ප්‍රමාණය කොපමණද;
(ii) එම බිම් ප්‍රමාණයට සරිලන ප්‍රමාණවත් පොහොර ඒ වනවිට රට තුළ තිබුණේද;
(iii) එසේ නම්, පොහොර හිඟයට හේතුව කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) වී වගාව සඳහා යෙදිය යුතු මූලික මතුපිට පොහොර N.P.K. ඒ වනවිට ගොවීන්හට ලබාගැනීමට වෙළඳපොළේ නොතිබූ බව දන්නේද;
(ii) දෙවන වරට යෙදිය යුතු යූරියා පොහොර හිඟයකින් තොරව ලබාදීමට කඩිනමින් පියවර ගත්තේද;
(iii) ඒ සඳහා ගතවූ කාලය කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-03-09
අසන ලද්දේ
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks