04

E   |     |  

 දිනය: 2010-07-20   පිළිතුර ලබා දී ඇත 

0293/2010: Purchase of Wooden Posts

0293/10

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,—  විදුලිබල  හා  බලශක්ති  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      2006 වර්ෂය සඳහා ‍විගණකාධිපතිවරයාගේ වාර්තාව පෙන්වා දෙන පරිදි,

              (i)      මීටර් 9ක් දිග ලී කණු 21000ක් හා මී‍ටර් 10ක් දිග ලී කණු 3400ක් මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවන ලද බවත්;

(ii) අවම මිල ගණන් ඉදිරිපත් කළ රාජ්‍ය දැව සංස්ථාවේ ටෙන්ඩරය පිළිනොගත් බවත්;

(iii) දෙවනුව අඩුම මිල ගණන් ඉදිරිපත් කළ දකුණු අප්‍රිකානු සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කළ බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) කෙසේ වෙතත් මීටර් 9ක් දිග ලී කණු 10500ක්  හා මීටර් 10ක් දිග ලී කණු 1700ක් මිලදී ගත් බවත්;

(ii) එයින් දකුණු පළාතට සැපයූ කණු 2363කින් පාවිච්චියට ගෙන තිබුනේ කණු 73ක් පමණක් බවත්;

එතුමා දන්නෙහිද?

(ඇ) රාජ්‍ය දැව සංස්ථාවට ඉහත ටෙන්ඩරය ප්‍රදානය නොකිරීම නිසා රුපියල් මිලියන 79.5ක පාඩුවක් සිදු වූ බව එතුමා පිළිගන්නෙහිද?

(ඈ) එකී පාඩුව පිළිබඳව වගකිවයුත්තන්ගේ නම් කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-07-20

අසන ලද්දේ

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks