පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
366/’15
ගරු බිමල් රත්නායක මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2015 ජනවාරි 29 දින ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%ක පොලී අනුපාතය යටතේ රුපියල් ලක්ෂ 10ක මුදලක් රාජ්‍ය බැංකුවල තැන්පත් කිරීමට අවස්ථාව ලබා දුන් බවත්;
(ii) පසුව තවත් රුපියල් ලක්ෂ 5ක මුදලක්, එම පොලී අනුපාතය යටතේම තැන්පත් කිරීමටද අවස්ථාව ලබා දුන් බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත අ (ii) හි සඳහන් මුදල රාජ්‍ය බැංකුවල තැන්පත් කළ හැකිද;
(ii) එම පොලී අනුපාතය යටතේම පෞද්ගලික බැංකුවල තැන්පත් කළ හැකිද;
(iii) එම මුදල තැන්පත් කළ හැක්කේ පෞද්ගලික මූල්‍ය ආයතනවල පමණක්ද;
(iv) පෞද්ගලික මූල්‍ය ආයතනවල පමණක් නම්, එම ආයතන බංකොලොත් වුවහොත්, මෙම අයවැය යෝජනා අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තැන්පත් කරන මුදල්වලට රජය වගකියන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-03-09
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks