බලන්න

04

E   |     |  

 දිනය: 2016-03-08   පිළිතුර ලබා දී ඇත 

0363/2016: Army Camp near Chandrika Wewa and destruction of forest

363/’15

 

ගරු හේෂා විතානගේ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තුළ ඇති චන්ද්‍රිකා වැව රක්ෂිතයේ වන වගාවක් ආරම්භකර තිබූ සුන්දර බිම්කඩෙහි, මේ වනවිට යුද හමුදා කඳවුරක් පිහිටුවා ඇති බව දන්නේද;

(ii) ඒ සඳහා අවසර ලබාදී තිබෙන්නේ කවුරුන් විසින්ද;

(iii) අවසර ලබා දී ඇති දිනය කවරේද;

(iv) ඒ තුළින් මෙම සුන්දර චන්ද්‍රිකා වැව ආශ්‍රිතව විශාල වන සංහාරයක් සිදුවූ බව සහ වැව දූෂණය වන බව පිළිගන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) මෙම බිම්කඩ අයිති ආයතනය කවරේද;

(ii) ඔවුන් විසින් මෙය කිසියම් ආයතනයකට වන වගා කිරීමට නීත්‍යානුකූලව පවරා දී තිබේද;

(iii) එසේ නම්, එම ආයතනය කවරේද;

(iv) මෙම සුන්දර චන්ද්‍රිකා රක්ෂිතය ආරක්ෂා කිරීමට ගන්නා පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-03-08

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks