04

E   |     |  

 දිනය: 2016-02-26   පිළිතුර ලබා දී ඇත 

0362/2016: Highway Projects 2015 under RDA

362/’15

 

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2015 වර්ෂය තුළ මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු  ලැබූ ප්‍රධානතම මාර්ග සංවර්ධන ව්‍යාපෘති කවරේද;

             (ii)       එම ව්‍යාපෘති අතරින්, විදේශීය අරමුදල් සහ දේශීය අරමුදල්වලින් ක්‍රියාත්මක වූ ව්‍යාපෘති වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) අදාළ ව්‍යාපෘති අධීක්ෂණය සඳහා ව්‍යාපෘති පැවරුම් පදනම මත උපදේශකවරුන් බඳවාගෙන තිබේද;

(ii) එසේ නම්, එම උපදේශකවරුන් සංඛ්‍යාව කොපමණද;

(iii) එම උපදේශකවරුන් සඳහා තිබිය යුතු වෘත්තීය හා අධ්‍යාපන සුදුසුකම් කවරේද;

(iv) ඔවුන් සඳහා ගෙවනු ලැබූ මාසික වැටුප සහ වෙනත් දීමනා වෙන් වෙන් වශයෙන් කවරේද;

(v) එම වැටුප් හා දීමනා ගෙවීම සඳහා රජය මඟින් වාර්ෂිකව වැය කරන ලද මුළු මුදල කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-02-26

අසන ලද්දේ

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks