පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
353/’15
ගරු විජිත හේරත් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත්, මාවතුර ග්‍රාමයේ පිහිටි, වැලිගඟ කනිටු විදුහල වැසීයාමේ තර්ජනයකට ලක්වී ඇති බවත්;
(ii) මෙම විදුහල කඳු මුදුනක පිහිටීම හේතුවෙන් පාසල් දරුවන්ට කි.මී. 3කට ආසන්න දුරක් දිනකට දෙවතාවක් පයින් ගමන් කිරීමට සිදුවී ඇති බවත්;
(iii) ළඳු කැළෑ සහිත පාළු මාවතේ සොහොන් බිමක් පවා පසුකර යාමට සිදුවීම වැනි දුෂ්කරතා පැවතීම හේතුවෙන් ගුරුවරුන් පවා මෙම විදුහලේ සේවයට පැමිණීමට මැලිකමක් දක්වන බවත්;
(iv) මෙම දුෂ්කර තත්ත්වයන් මගහැර පාසල වෙනත් ස්ථානයක පිහිටුවීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත්ව තිබූ ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මිලදීගෙන ඇති බවත්;
(v) ඉහත (iv)හි සඳහන් ඉඩම හා ගොඩනැගිල්ල අයත් වත්තේ, කළමනාකරුගේ බලපෑම මත මෙම පාසල, නව ගොඩනැගිල්ලේ ආරම්භ කිරීම වැළකී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) පාසල් දරුවන්ගේ සහ දෙගුරුන්ගේ යහපත තකා මෙම පාසල වැසීයාමට ඉඩ නොදී, ඉහත (අ)(v) හි සඳහන් බලපෑම්ද වළකා එය සංවර්ධනය කිරීම සඳහා පියවර ගන්නේද;
(ii) එසේ නම්, ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-02-26
අසන ලද්දේ
ගරු විජිත හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) ඔව්.
(iv) අමාත්‍යාංශය මඟින් මිලදී ගැනීමක් සිදුකර නොමැත. මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් අත් පත් කරගැනීමේ කටයුතු ආරම්භ කර ඇති නමුත් අවසන් කර නොමැත. ඇමුණුම 01 බලන්න.
(v) ඔව්. මහවිල වත්ත වතු අධිකාරි විසින් අත් පත් කර ගැනීමට විරෝධතා දක්වා ඇත. ඇමුණුම 02 බලන්න.
(ආ) (i) ඔව්.
(ii) විධිමත් පරිදි ඉඩම පවරා නොගෙන සංවර්ධන කටයුතු කිරීම සඳහා භාවිත කළ නොහැකි බැවින් අත් පත් කරගැනීමේ කටයුතු සඳහා කඩිනමින් අවශ්‍ය කටයුතු සිදුකරන මෙන් දැනටමත්
මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් දැනුවත් කර ඇත. ඇමුණුම 03 සභාගත* කරමි.
ස්ථිර ගොඩනැඟිල්ලක් ලැබෙන තුරු තාවකාලිකව වැලිගඟ ප්‍රජා ශාලාවෙහි පාසල පවත්වා ගෙන යාමට කටයුතු සලසා ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2016-02-26
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks