04

E   |     |  

 දිනය: 2010-07-03   පිළිතුර ලබා දී ඇත 

0291/2010: Rehabilitation of Tsunami Areas

0291/'10

ගරු  සුනිල්  හඳුන්නෙත්ති මහතා,—   ආර්ථික   සංවර්ධන   අමාත්‍යතුමාගෙන්   ඇසීමට,—

(අ)         (i)      2006 වර්ෂය සඳහා වන විගණකාධිපතිවරයාගේ වාර්තාව පෙන්වා දෙන පරිදි, සුනාමි බලපෑම් ප්‍රදේශ පුනරුත්ථාපන ව්‍යාපෘතිය (දකුණු පළාත් ප්‍රතිසංස්කරණය) යටතේ, සැලසුම් හා ඇස්තමේන්තු පිළියෙල කිරීම සඳහා පෞද්ගලික උපදේශකවරයෙකු පත්කොට ඔහුට රුපියල් 12,228,679 ක් ගෙවා ඇති බවත්;

(ii) ව්‍යාපෘතියේ ප්‍රධාන කොටසක් රාජ්‍ය නිලධාරීන් විසින් ඉටු කර තිබියදීත් අති විශාල මුදලක් ගෙවා නොවැදගත් කොටසක් පිටස්තර පාර්ශ්වයකට පැවරීම අනාර්ථික ගණුදෙනුවක් බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) මෙම උපදේශකවරයාගේ නම, තනතුර, අධ්‍යාපන සුදුසුකම් සහ ශිල්පීය සුදුසුකම් කවරේද යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?

(ඇ) එකී මුදල් ගෙවීම මහජන මුදල් නාස්තියක් බව එතුමා පිළිගන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-07-03

අසන ලද්දේ

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks