පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0290/'10
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව 2000 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී කොරියානු කොන්ත්‍රාත්කරුවෙකුට ලබා දුන් බවත්;
(ii) 2003 වර්ෂයේ ජනවාරි මාසයේදී එනම්, කොන්ත්‍රාත් කාලය අවසන් වීමට මාස 10 කට පෙර අන්‍යෝන්‍ය එකඟතාවය මත එම කොන්ත්‍රාත්තුව අත්හිටුවීමට පියවර ගත් බවත්;
(iii) රුපියල් මිලියන 9,516 ක් වූ කොන්ත්‍රාත් මුදලින් රුපියල් මිලියන 5,444 ක් කොන්ත්‍රාත්කරුට ඒ වන විට ගෙවා තිබුනු බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) නැවත රුපියල් මිලියන 22,800 ක මුදලින් එම මාර්ගය ඉදිකිරීම සම්පූර්ණ කිරීම සඳහා ප්‍රංශයේ සමාගමක් සමග 2006 වර්ෂයේ ඔක්තෝබර් 27 වැනි දින රජය ගිවිසුමක් අත්සන් කළ බවත්;
(ii) එම කොන්ත්‍රාත් ගිවිසුම අසාර්ථක වූ බවත්;
එතුමා දන්නෙහිද?
(ඇ) (i) එම ව්‍යාපෘති අසාර්ථක වීම නිසා සිදුවී ඇති පාඩුවේ මුළු වටිනාකම කොපමණද;
(ii) ව්‍යාපෘතිය ප්‍රමාද වීම පිළිබඳව වගකිව යුතු අයගේ නම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-07-03
අසන ලද්දේ
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks