01

E   |     |  

 දිනය: 2016-02-25   පිළිතුර ලබා දී ඇත 

0330/2016: මුස්ලිම් නිලධාරින් පත් කිරීම : ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය

330/’15

 

ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      බහුතර මුස්ලිම් ජනතාවක් ජීවත් වන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ,     

               (i)       දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වගකිවයුතු තනතුරුවල‍ සේවය සඳහා මුස්ලිම් නිලධාරින් නොමැති බවත්;

(ii) කුච්චවේලි සහ තම්බලගාමම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කිසිදු ‍තනතුරක මුස්ලිම් නිලධාරින් නොමැති බවත්;

(iii) පසුගිය රජය විසින් ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හමුදාකරණය කර මුස්ලිම් නිලධාරින් සම්බන්ධයෙන් ‍දැඩි ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම හේතුවෙන් එම නිලධාරින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හැර ගිය බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) යහපාලන රජය යටතේ,

(i) ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කිසියම් වගකීමක් දරන තනතුරකට අවම වශයෙන් එක් මුස්ලිම් නිලධාරියෙකු හෝ පත්කිරීමට පියවර ගන්නේද;

(ii) කුච්චවේලි සහ තම්බලගාමම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි කුමන හෝ කාර්යභාර තනතුරකට මුස්ලිම් නිලධාරියෙකු පත් කිරීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? 

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-02-25

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මුස්ලිම් නිලධාරින් සිටී.

                         මුස්ලිම් නිලධාරින් ගණන 32කි.

                         රේඛීය අමාත්‍යාංශ යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්තව සිටින මුස්ලිම් ජාතික මාණ්ඩලික නිලධාරින් සංඛ්‍යාව 05කි.

              (ii)      කුච්චවේලි හා තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මුස්ලිම් නිලධාරින් සිටී. කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුස්ලිම් කාර්ය මණ්ඩල සංඛ්‍යාව 40කි.

තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුස්ලිම් කාර්ය මණ්ඩල සංඛ්‍යාව 35කි.

(iii) පිළිගත නොහැක.

පසු ගිය රජය කාලයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මුස්ලිම් නිලධාරින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හැරගිය බවට සනාථ කෙරෙන කිසිදු සාධකයක් නොමැත.

· ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංඛ්‍යා ලේඛන අංශය වෙතින් ලබාගත් දත්ත අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 2012 වර්ෂයේ මුස්ලිම් ජනතාව 158,771කි. එය ප්‍රතිශතයක් ලෙස 41.97% කි.

· ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 2014 වර්ෂයේ මුස්ලිම් ජනතාව 179,597කි.

එය ප්‍රතිශතයක් ලෙස 42.48% කි.

(ආ) (i) මේ වන විට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කිසියම් වග කීමක් දරන තනතුරු සඳහා මුස්ලිම් නිලධාරින් සිටී.

රේඛීය අමාත්‍යාංශ යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්තව සිටින මුස්ලිම් ජාතික මාණ්ඩලික නිලධාරි සංඛ්‍යාව 05කි.

(ii) මේ වන විට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයෙන් සුදුසුකම් ලත් මුස්ලිම් නිලධාරින් ඉල්ලා ඇති අතර, ඉදිරියේදී සුදුසුකම් අනුව එම නිලධාරින් බඳවා ගැනීමට නියමිතය.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2016-02-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වජිර අබේවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks