පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
318/’15
ගරු ජයන්ත සමරවීර මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දැනට උතුරු නැගෙනහිර දෙපළාතේ පවත්වාගෙන යනු ලබන ත්‍රිවිධ හමුදා කඳවුරු 2016 වර්ෂය තුළදී ඉවත් කිරීමට සැලසුම් කර තිබේද;
(ii) ඉවත් කිරීමට සැලසුම් කර ඇති ත්‍රිවිධ හමුදා කඳවුරු සංඛ්‍යාව කොපමණද;
(iii) ඉවත් කිරීමට අපේක්ෂිත හමුදා කඳවුරුවල නම් යුද, ගුවන් හා නාවික ලෙස වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) දැනට උතුරු නැගෙනහිර දෙපළාතේ පවත්වාගෙන යනු ලබන හමුදා කඳවුරු ආශ්‍රිතව තිබෙන අධි ආරක්‍ෂිත කලාප 2016 වර්ෂය තුළදී නිදහස් කිරීමට හෝ ඒවායේ භූමි ප්‍රමාණය අඩු කිරීමට හෝ සැලසුම්කර තිබේද;
(ii) අධි ආරක්ෂක කලාප ඉවත් කරනු ලබන හෝ අඩු කරනු ලබන හමුදා කඳවුරුවල නම් යුද, ගුවන් හා නාවික ලෙස වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) නිදහස් කිරීමට හෝ අඩු කිරීමට සැලසුම් කර ඇති ආරක්ෂිත කලාපයන්හි භූමි ප්‍රමාණය එක් එක් කඳවුර අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-03-09
අසන ලද්දේ
ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks