04

E   |     |  

 දිනය: 2016-03-08   පිළිතුර ලබා දී ඇත 

0317/2016: List of Triforces camps in the North East

317/’15

 

ගරු ජයන්ත සමරවීර මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2009.05.19 වනවිට උතුරු හා නැගෙනහිර පළාත්වල පවත්වාගෙන ගිය ත්‍රිවිධ හමුදා කඳවුරු සංඛ්‍යාව කොපමණද;

            (ii)       එකී කඳවුරු අතරින් 2014.12.31 වනවිට පවත්වාගෙන යන ලද කඳවුරු සංඛ්‍යාව කොපමණද;

(iii) එම කඳවුරුවල නම් යුද, නාවික සහ ගුවන් ලෙස වෙන් වෙන් වශයෙන් කවරේද;

(iv) ඉහත (i)හි සඳහන් කඳවුරු අතරින් අධි ආරක්ෂිත කලාප සහිතව පවත්වාගෙන යන ලද කඳවුරු සංඛ්‍යාව කොපමණද; එම කඳවුරුවල නම් කවරේද;

(v) එක් එක් කඳවුර විසින් පවත්වාගෙන ගිය අධි ආරක්ෂිත කලාපයන්හි භූමි ප්‍රමාණය කඳවුර අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2015.10.30 වනවිට උතුරු නැගෙනහිර දෙපළාතේ පවත්වාගෙන යන ලද ත්‍රිවිධ හමුදා කඳවුරු සංඛ්‍යාව කොපමණද;

(ii) එම කඳවුරුවල නම් යුද, නාවික සහ ගුවන් ලෙස වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම කඳවුරු අතරින් අධි ආරක්ෂිත කලාප සහිතව පවත්වාගෙන යනු ලැබූ කඳවුරු සංඛ්‍යාව කොපමණද; එම කඳවුරුවල නම් කවරේද;

(iv) එම කඳවුරු විසින් පවත්වාගෙන යනු ලැබූ අධි ආරක්ෂිත කලාපවල භූමි ප්‍රමාණය කඳවුර අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-03-08

අසන ලද්දේ

ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks