පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
316/’15
ගරු එස්. එම්. මරික්කාර් මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දින 100 ව්‍යාපෘතියෙන් සෑම මැතිවරණ කොට්ඨාසයකම මාර්ග සංවර්ධනය සඳහා වෙන් කළ රුපියල් මිලියන 30ක මුදල ඒ ආකාරයෙන්ම ලබා දෙන්නේද;
(ii) නොඑසේ නම්, මේ වසර තුළ ලබා දෙන මුදල කොපමණද;
(iii) රුපියල් මිලියන 30 සඳහා යෝජනා වූ මාර්ග මෙම වසර තුළ නිම කළ නොහැකි වුවහොත්, ඉදිරි වසර තුළ නිම කිරීමට අවස්ථාව ලබා දෙන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2016 වර්ෂයේ මහාමාර්ග අමාත්‍යාංශය මගින් අතුරු මාර්ග සංවර්ධනය කිරීම සඳහා මුදල් වෙන් කිරීමක් සිදුකරනු ලබන්නේද;
(ii) එසේ නම්, එම මුදල කොපමණද;
(iii) එම මුදල් වෙන් කිරීමේදී සැලකිල්ලට ගනු ලබන නිර්ණායකයන් කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-02-25
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග හා මාර්ග සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ලැබුණු ප්‍රතිපාදන ප්‍රමාණය නියමිත ක්‍රියා පටිපාටියට අනුව ඉදිරිපත් වූ ව්‍යාපෘති යෝජනා අනුව ඒ ඒ මැතිවරණ කොට්ඨාසවලට වෙන් කරන ලදි.
(ii) 2016 වසර සඳහා රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදනයක් ජාතික අය වැය මගින් වෙන්කොට ඇති අතර, එම මුදල සමානුපාතිකව මැතිවරණ කොට්ඨාස තුළ මාර්ග සංවර්ධන කටයුතු සඳහා යෙදවීමට සැලසුම් කර ඇත.
(iii) 2016 වසරේ ක්‍රියාත්මක කළ ශූන්‍ය පාදක අය වැය ප්‍රතිපත්තිය මත එවැන්නකට ඉඩප්‍රස්ථා නොමැති අතර, එක් එක් වර්ෂයේ මෙවැනි ස්වරූපයේ සංවර්ධන කාර්යයන් සඳහා වෙන් කරනු ලබන මුදල එම වසර තුළම වැය කළ යුතුය.
(ආ) (i) ඔව්.
(ii) රුපියල් මිලියන 1,000ක් පමණ.
(iii) 2015 වර්ෂයේ රුපියල් මිලියන 30 ලබා දුන් මැතිවරණ කෙට්ඨාසවලට වඩා මුදල් ප්‍රතිපාදන ලබා නොදුන් මැතිවරණ කොට්ඨාසවලට ප්‍රමුඛත්වය දීමට සලකා බලනු ලැබේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2016-02-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks