පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
313/’15
ගරු හේෂා විතානගේ මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රක්වාන - මාදම්පේ මාර්ගය කාපට් කිරීමේ ව්‍යාපෘතිය තුළ අක්‍රමිකතා සිදු වී ඇති බවත්;
(ii) මූලික සැලසුම විශාල වශයෙන් වෙනස් කර ව්‍යාපෘතිය නිම කිරීමට කටයුතු කරන ලද බවත්;
(iii) සාකච්ඡාවක් පවත්වා නැවත මූලික සැලසුම අනුව කටයුතු කිරීමට එකඟ වූ බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මූලික සැලසුම විශාල වශයෙන් වෙනස් කර ව්‍යාපෘතිය නිම කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව ගනු ලබන පියවර කවරේද;
(ii) මූලික සැලසුමට අනුව මෙම මාර්ගයේ වැඩ අවසන් කිරීමට අපේක්ෂා කරනු ලබන දිනය කවරේද;
(iii) මෙම ව්‍යාපෘතිය නිසි පරිදි සිදු නොකිරීම හේතුවෙන් අතිරේකව වැය කිරීමට සිදුවන මුදල කොපමණද;
(iv) එම මුදල් වගකිවයුත්තන්ගෙන් අය කර ගැනීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-01-28
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග හා මාර්ග සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අක්‍රමිකතා සිදු වී ඇති බවට වාර්තා වී නැත.
(ii) මූලික සැලසුමේ විශාල වශයෙන් වෙනස්කම් සිදු කර නැත. රක්වාන නගරයේ පොතුපිටිය මාර්ගයේ මීටර් 30ක පමණ මධ්‍ය රේඛාව පදනම් කොට ගෙන සැලසුමේ සුළු වෙනස්කමක් කර ඇත.
(iii) වාර්තා වී නැත.
(ආ) (i) එබඳු විශාල වෙනස් කිරීමක් සිදු කර නොමැති බැවින් අදාළ නොවේ.
(ii) මේ වන විට ව්‍යාපෘතිය නිමා වී ඇත.
අපේක්ෂිත දිනය - 2014.12.17
සංශෝධිත දිනය - 2015.09.29
(iii) එවැනි අතිරේක වැය කිරීම් නොමැත. එබැවින් අදාළ නැත.
(iv) අදාළ නොවේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2016-01-28
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks