04

E   |     |  

 දිනය: 2016-01-27   පිළිතුර ලබා දී ඇත 

0311/2016: Compensation for the widow of deceased Mr. Don Piyaratna

311/’15

 

ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2000.11.29 වැනි දින ත්‍රිකුණාමලය ප්‍රදේශයේ මුහුදු සීමාවේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක් වීමෙන් “තුෂාරි” නමැති ධීවර බෝට්ටුව විනාශ වී එහි සිටි ධීවරයින් අතුරුදහන් වූ බවත්;

(ii) මෙම සිදුවීම සත්‍ය බවත්, අදාළ ධීවර කාර්මිකයින්ගේ යැපෙන්නන්ට වන්දි ලබා දීම සුදුසු යැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජී. පියසේන මහතා විසින් අංක ධීජදෙ/සැ/02/06 ඩීආර් හා 2003.01.10 දිනැති ලිපිය මගින් පිළිගෙන ඇති බවත්;

(iii) අතුරුදන් වූ ධීවරයින් අතරින් කුමාරගේ දොන් පියරත්න නමැති අය සඳහා මේ වනතෙක් වන්දි මුදලක් හෝ මරණ සහතිකයක් නිකුත් කිරීමට කටයුතුකර නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) පියරත්න මහතාගේ වැන්දඹු බිරිඳ වන කේ.එම්. බ්‍රිජට් කාන්ති මහත්මිය විසින් හිටපු ජනාධිපතිතුමාට හා හිටපු අමාත්‍යතුමාට ලිඛිත අභියාචනා ඉදිරිපත් කළත්, ඒ සම්බන්ධයෙන් සාධාරණ පියවරක් නොගැනීම බලවත් අසාධාරණයක් බව පිළිගන්නේද;

(ii) එසේ නම්, ඇයට වන්දි මුදලක් ගෙවීමටත්, මියගිය ස්වාමියාගේ මරණ සහතිකය ලබා දීමටත් පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-01-27

අසන ලද්දේ

ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks