පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
308/’15
ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා 2009 වර්ෂයේදී වෙන් කරනු ලැබූ මුදල කොපමණද;
(ii) එම මුදල, ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා යොදා ගනු ලැබුවේද;
(iii) එසේ නොමැති නම්, එම මුදල් වැය කරන ලද කාරණය කවරේද;
(iv) මෙම මුදලට අමතරව ක්‍රීඩාංගණය තැනීම සඳහා විදේශ ආධාර හෝ වෙනත් දේශීය අරමුදල් ලබාගෙන තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2011 ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩාංගණ සංවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලැබුනු මුදල කොපමණද;
(ii) ඛෙත්තාරාම, පල්ලෙකැලේ සහ සූරියවැව ක්‍රීඩාංගණ නවීකරණය හෝ තැනීම වෙනුවෙන් වැය කරන ලද මුදල, වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) එම ක්‍රීඩාංගණ නවීකරණය හෝ තැනීම් කටයුතු සිදුකළ ආයතන, වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) නවීකරණය හෝ තැනීම සඳහා ගෙවන ලද මුදල, එක් එක් ක්‍රීඩාංගණය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(v) එම නවීකරණ හෝ තැනීම් කටයුතු සිදුකළ ආයතනවලට ගෙවීමට ඇති හිඟ මුදල කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-02-23
අසන ලද්දේ
ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks