බලන්න

04

E   |     |  

 දිනය: 2016-02-23   පිළිතුර ලබා දී ඇත 

0307/2016: Suriyawewa International Cricket Stadium

307/’15

ගරු හේෂා විතානගේ මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      (i)       සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා වැයකළ මුදල කොපමණද;

           (ii)        එම මුදල් ලබාගත් ආකාරය කවරේද;

          (iii)        එහි ඉදිකිරීම් කටයුතු අවසන් කරනු ලැබූ දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මේ වනවිට මෙහි පවත්වා ඇති අන්තර්ජාතික එක්දින, ටෙස්ට් සහ විස්සයි විස්ස  තරඟ සංඛ්‍යාව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) ඉදිරි වර්ෂයේදී  එම ක්‍රීඩාංගණයේ තරඟ පැවැත්වීමට සැලසුම්කර තිබේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) මෙම ක්‍රීඩාංගණය විවාහ මංගල උත්සව සඳහා කුලියට දීමක් සිදු කරන්නේද;

(ii) එසේ නම්, ඒ සඳහා දිනකට අය කරනු ලබන මුදල කොපමණද;

(iii) ඉහත (i)හි සඳහන් කරුණ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර කවරේද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-02-23

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks