logo

E   |     |  

 දිනය: 2016-02-26   පිළිතුර ලබා දී ඇත 

0296/2016: මැදදුම්බර ප්‍රාදේශීය සභාව: වෙළෙඳ සංකීර්ණයක් ඉදිකිරීම

296/’15

 

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මහනුවර දිස්ත්‍රික්කයේ, මැදදුම්බර ප්‍රාදේශීය සභාව මගින් පුරනැගුම ව්‍යාපෘතිය යටතේ ව්‍යාපාරිකයන් සඳහා වෙළඳ සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම්කර තිබේද;

(ii) එසේ නම්, එම වෙළඳ සංකීර්ණයේ කඩ කාමර ලබාදීම පිණිස අනුගමනය කරනු ලබන පිළිවෙත කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? 

(ආ) එවකට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියටත්, දැනට ප්‍රාදේශීය සභාවටත්, බදු මුදල් ගෙවමින් පදික ව්‍යාපාරිකයින් ලෙස රෙදි වෙළඳාමේ යෙදෙන පුද්ගලයින්ට බලවත් අසාධාරණයක් සිදුවී තිබෙන හෙයින්, එම කඩ කාමර ලබාදීමේදී, පළාත් පාලන‍ කොමසාරිස්වරයාගේ අංක 1980/46 දරන චක්‍රලේඛයේ අංක 3 සහ 5 යන වගන්තිවල සඳහන් උපදෙස් සැලකිල්ලට ගැනීමට උපදෙස් දෙන්නේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-02-26

අසන ලද්දේ

ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පිළිතුර ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දී ඇත.

පිළිතුරු දුන් දිනය

2016-02-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks