පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
285/’15
ගරු එස්. එම්. මරික්කාර් මහතා,— තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මුස්ලිම් දේවස්ථාන සංවර්ධනය කිරීම සඳහා අමාත්‍යාංශය සතු වැඩපිළිවෙළක් තිබේද;
(ii) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;
(iii) මුස්ලිම් දේවස්ථාන සඳහා මුදල් වෙන් කිරීමේ ක්‍රමවේදය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකාවේ සිටින මුස්ලිම් දහම් පාසල් ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද;
(ii) දහම් පාසල් ගුරුවරයෙක් සඳහා ගෙවනු ලබන දීමනාව කොපමණද;
(iii) එම මුදල ප්‍රමාණවත්ද;
(iv) එසේ නොවේ නම්, එම මුදල වැඩි කිරීමට කටයුතු කරන්නේද;
(v) එසේ නම්, එම දිනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2016-02-10
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) මුස්ලිම් පල්ලි හා ආගමික ස්ථාන සංවර්ධනය සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සංවර්ධන වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කරනු ලැබේ.
1. ජාතික මිලාදුන් නබි සංවර්ධන වැඩසටහන.
2. දිවයින පුරා මුස්ලිම් ආගමික ස්ථාන සංවර්ධන
වැඩසටහන.
(iii) මුස්ලිම් පල්ලි හා ආගමික ස්ථාන සංවර්ධනය සඳහා මුදල් වෙන් කිරීමේ ක්‍රමවේදය
1. ජාතික මිලාදුන් නබි සංවර්ධන වැඩසටහන
නබි නායකතුමාගේ ජන්ම දින ජාතික සැමරුමට සමගාමීව සෑම වසරකම දිවයිනේ එක් දිස්ත්‍රික්කයක් තෝරාගෙන එම දිස්ත්‍රික්කයේ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු ප්‍රවර්ධනය සඳහා මෙමඟින් මුදල් වෙන් කරනු ලැබේ. ඒ යටතේ මුස්ලිම් පල්ලි, දහම් පාසල්, අරාබි විදුහල් හා ආගමික ආයතනවල අලුත්වැඩියා සහ සංවර්ධන කටයුතු සිදු කෙරේ. ඒ සඳහා අදාළ ආගමික ආයතනවලින් අලුත්වැඩියා සහ සංවර්ධන කටයුතු සඳහා ඉල්ලීම් කැඳවන අතර එම ඉල්ලීම් පරීක්ෂා කර බලා ප්‍රමුඛතාව අනුව ලේඛනගත කර අමාත්‍යාංශයට යොමු කර අනුමැතිය ලබා ගැනීම සිදු කෙරේ. අනුමත අලුත්වැඩියා සහ සංවර්ධන වැඩසටහන් සඳහා අදාළ ප්‍රාදේශීය ලේකම් මඟින් ඇස්තමේන්තු ලබාගෙන අවශ්‍ය අනුමැතිය ලබාදීමට කටයුතු කරන අතර රජයේ ප්‍රසම්පාදන රෙගුලාසිවලට අනුව අදාළ ප්‍රාදේශීය ලේකම් විසින් අලුත්වැඩියා සහ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. ව්‍යාපෘතියේ ප්‍රමාණාත්මකභාවය අනුව අවශ්‍ය අවස්ථාවන්වලදී දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය කරනු ලැබේ. මේ යටතේ 2015 වර්ෂයේදී රුපියල් මිලියන 14ක සංවර්ධන කටයුතු සිදු කර ඇත.
2. දිවයින පුරා මුස්ලිම් ආගමික ස්ථාන සංවර්ධන වැඩසටහන
ඉස්ලාමීය ආගමික අධ්‍යාපනය පෝෂණය කිරීම හා වර්ධනය කිරීම උදෙසා දිවයින පුරා පිහිටි මුස්ලිම් පල්ලි, අරාබි විදුහල්, අහදියා දහම් පාසල් හා කුර්ආන් මද්රසාවල ඉදිකිරීම්, ප්‍රතිසංස්කරණ කටයුතු, ලී බඩු කාර්යාල උපකරණ ලබා දීම ආදී ව්‍යාපෘති සඳහා මේ යටතේ ප්‍රතිපාදන සලසා දෙනු ලැබේ. මිලාදුන් නබි සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන දිස්ත්‍රික්කය හැර දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කයන්හි ආගමික ආයතනවලින් යොමු කරන ඉල්ලීම් සඳහා ඉහත (iii) 1හි ක්‍රමවේදය අනුගමනය කර සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. මේ යටතේ 2015 වර්ෂයේදී රුපියල් මිලියන 15ක සංවර්ධන කටයුතු සිදු කර ඇත.
(ආ) (i) අහදියා දහම් පාසල් ගුරුවරුන් - 4,493
(ii) වාර්ෂික පොත් දීමනාව රුපියල් 2000.00
නිල ඇඳුම් කට්ටල එකයි.
(iii) දැනට ප්‍රමාණවත් වේ.
(iv) අදාළ නොවේ.
(v) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2016-02-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks