04

E   |     |  

 දිනය: 2016-02-23   පිළිතුර ලබා දී ඇත 

0280/2016: Meethotamulla Garbage Heap - Removal

280/’15

 

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීම සඳහා පියවර ගන්නේද;

             (ii)       නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ටෙන්ඩර් කැඳවන ලද, මීතොටමුල්ල කුණු කන්ද ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළ සඳහා අයදුම්කර ඇති අයදුම්කරුවන් සංඛ්‍යාව කොපමණද;

(iii) ඒ සඳහා ලබාදෙන රාජ්‍ය මැදිහත්වීම කවරේද;

(iv) මෙම ප්‍රතිචක්‍රීකරණ  වැඩපිළිවෙළ ආරම්භ කරන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළෙහි පළමු අදියර යටතේ කොළඹ නගරයේ කුණු  ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කරන්නේද;

(ii) එසේ නම්, දෙවන අදියර ලෙස මීතොටමුල්ල කුණු කන්දේ ඇති කුණු  ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කරන්නේද;

(iii) මෙම කුණු කන්ද නිසා පීඩාවට පත්ව සිටින කුණු කන්ද අවට ජීවත්වන සාමාන්‍ය ජනතාවට සාධාරණයක් ඉටු කිරීම සඳහා කොළඹ මහනගර සභාව සමඟ එක්ව වැඩපිළිවෙළක් සකස් කර තිබේද;‍

(iv) එසේ නම්, ඒ පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-02-23

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks