බලන්න

04

E   |     |  

 දිනය: 2016-01-28   පිළිතුර ලබා දී ඇත 

0273/2016: ජනාධිපතිවරණ ප්‍රතිඵල අත්හිටුවීමේ කුමන්ත්‍රණය : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනය

273/’15

 

ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)           (i)       ජාතික ආරක්ෂාවට සහ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක් බැවින් 2015 ජනවාරි 08 දින රාත්‍රියේ ජනාධිපතිවරණ ප්‍රතිඵල අත්හිටුවීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ප්‍රමුඛතා පදනමින් විමර්ශනය කරන මෙන් ඉල්ලමින්, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2015.01.14 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව එතුමා දන්නේද;

(ii) එකී විමර්ශන කටයුතු පිළිබඳ වාර්තාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කළ දිනය කවරේද;

(iii) එකී විමර්ශන පිළිබඳ නීතිපති මතය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ දිනය කවරේද;

(iv) එම පැමිණිල්ල පිළිබඳව ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2016-01-28

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      2015.01.16

             (iii)      මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැත.

             (iv)      නීතිපති උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇත.

(ආ)     පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2016-01-28

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සාගල රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks